Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම වර්ණක යෙදූ හා තත්ත්වයෙන් බාල ‘සන්රයිස්’ නමැති තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීම, විකිණීම ඇතුළු චෝදනා 40කට වරද පිළිගත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට මාලිගාකන්ද අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල රුපියල් 80,000ක දඩයක් ඊයේ (10) නියම කර ඇත.
මෙලෙස දඩ මුදල් නියම් වූයේ මීගොඩ නිව් සවුත් ඒෂියන් කැනරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනකු සහ සෝස් අලෙවි කළ තිදෙනකුටය.
පසුගිය අගෝස්තු 07 වැනිදා ලැබුණු පැමිණිල්ල මත කෙසෙල්වත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිඳු නිමේෂ් දිල්ෂාන් හා අලුත්කඩේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමින් වාසිත් අහමඩ් යන අය අලුත්කඩේ පසුල් නානා හෝටලයේ සිදුකළ වැටළීමක දී, එහි භාවිත කළ මෙම සෝස් කෘත්‍රීම වර්ණ කරන ලද තක්කාලි සෝස් පිළිබඳව ඇතිවූ සැකයක් මත එම සන්රයිස් තත්කාලි සෝස් සාම්පල් කොළඹ නාගරික රස පරීක්ෂක යොමුකර වාර්තා ලබාගෙන ඇතැයි අධිකරණයේ දී ප්‍රකාශ විය.
තත්වයෙන් බාල තක්කාලි සෝස් නිපදවීම, පාරිභෝගිකයා නොමග යවනසුළු ආකාරයෙන් ලේබල් සකස්කර තක්කාලි සෝස් අලෙවි කිරීම ඇතුළු චෝදනා 40ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි.
මෙම නඩුව අධිකරණය හමුවේ ඊයේ (10) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් අදාළ චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අවවාද කර මෙසෙ දඩ මුදල් නියමකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart