Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික අංශයේ පාර්ශවයක් සමග එක්ව සිදුකෙරෙන ආයෝජනයක් වෙනුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත්කර වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් නිවේදනය පහතින් දැක්වේ.
“ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබයි.
අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදුකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආයෝජනයන් දේශීය සහ විදේශීය පෞද්ගලික අංශ මඟින් සපයා ගැනීමට හැකි වන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපනය කිරීම යෝග්‍ය බව පෙනීගොස් ඇත.
ඒ අනුව, සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart