Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ සිරදඬුවම් ලැබූ හයදෙනාගෙන් එක් අයකු වූ ශ්‍රී ලාංකිකයකු වන සාන්තන් හෙවත් ටී.සුතේන්ද්‍රරාජා ඊයේ උදෑසන චෙන්නායිහි රජිව් ගාන්ධි රජයේ රෝහලේදී මියගොස් තිබේ.
2022 නොවැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද සාන්තන් තිරුචිරපල්ලි මධ්‍යම බන්ධනාගාරය අසල විශේෂ කඳවුරේ රඳවා සිටි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ චෙන්නායිහි විදේශිකයන්ගේ කලාපීය ලියාපදිංචි කිරීමේ කාර්යාලය සාන්තන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කළේය.
කෙසේවෙතත්, ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයක් සඳහා ප්‍රතිකාර සඳහා රජිව් ගාන්ධි රජයේ රෝහල වෙත පසුව ඇතුළත් කෙරිණි.
රජිව් ගාන්ධි රජයේ රෝහලේ පීඨාධිපති ඊ.තේනිරාජන් පැවසුවේ තිරුචිරපල්ලි දිස්ත්‍රික් බලධාරීන්ගේ උපදෙස් මත සාන්තන් ජනවාරි 27වැනි දින රෝහලට ඇතුළත් කෙරුණු බවයි.
වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කළ බව සහ ඔහුව නිරන්තරයෙන් නිරීක්ෂණය කළ බව තනීරාජන් පැවසීය.
ඔහු පැවසුවේ සාන්තන්ට ක්‍රිප්ටොජනික් සිරෝසිස් හෝ අක්මා රෝගයක් ඇති බව හඳුනාගෙන තිබූ බවයි.
“ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පසුබෑමකට ලක්වුණා. එයාට සිහිය නැතිවෙලා අපි ප්‍රතිකාර කරමින් හිටියා. අද (බදාදා) අලුයම 4.30ට පමණ ඔහුට හෘදයාබාධයක් ඇති වුණා. හෘද පුනර්ජීවන(CPR) ක්‍රියාවලියකින් පසු ඔහු පුනර්ජීවනය වී වාතාශ්‍ර ආධාරකයේ සිටියේ. නමුත් වැඩිදුර ප්‍රතිකාරවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුණු ඔහු පෙරවරු 7.50ට අභාවප්‍රාප්ත වුණා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද තනිරාජන් පැවසීය.
උසාවි ලේඛනවලට අනුව, සාන්තන් 1991 දී ශ්‍රී ලංකාවෙන් පළාගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණ ඇති බව විශ්වාස කෙරේ.
රජීව් ගාන්ධි ඝාතනයේ දී සාන්තන්ගේ භූමිකාව සෘජු සහ ක්‍රියාකාරී වූ බවත් කියැවිණි.
ඝාතන කණ්ඩායමට නායකත්වය දුන් සිවරාසන් සහ තවත් කිහිප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනිණි.
1991 දී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවීම නිසා සාන්තන්ට මුලින් මරණ දණ්ඩනය නියම වූ නමුත්, පසුව ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දක්වා වෙනස් කෙරිණි.
දශක තුනකට වැඩි කාලයක් සිරගතව සිටි ඔහු තවත් වැරදිකරුවන් පස්දෙනෙකු සමඟ 2022 නොවැම්බර් මාසයේදී නිදහස් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart