June 6, 2024

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී අද දියත් කරන ලදී.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසන පරිදි පාසල් පැමිණීම දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 1ක් වෙන් කර ඇත.

ඒ අනුව සනීපාරක්ෂක තුවා වැඩසටහන යටතේ පාසල් සිසුවියකට රුපියල් 1200 වවුචරයක් බැගින් පිරිනැමේ.

වවුචර්පත් පාසල් හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන යටතේ 2024 ජුනි මස සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සඳහා සහ ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා වවුචර් ලබා දෙනු ඇත.

42.31%
17.27%
32.76%