Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි අනතුරකින් මියගිය රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ බිරිය වන නීතිඥ චමරි ප්‍රියංකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම යෝජනාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසකගේ ආශීර්වාදය දැනටමත් ලැබී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව පොදුජන පෙරමුණ තරුණ මන්ත්‍රි කාණ්ඩායමක් පසුගියදා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද වාර්තා වේ.
සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ බිරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම පිළිබඳ යෝජනාව පොදුජන පෙරමුණු මධ්‍යම කාරක සභාවට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරියේදී ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසයි.
මේ පිළිබඳව පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂටද දැනුම් දීමට නියමිතය.
මේ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිපදෙනකුම සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart