November 12, 2024

හිටපු ඇමැතිවරුන් භාවිත කළ නිල නිවාස 27ක් යළි රජයට භාරදී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුව රජයට භාරදීමට ඇත්තේ එක් නිල නිවසක් පමණි.

මෙම නිවස දිවංගත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ නිවසයි.

අමාත්‍යාංශයට අනුව, කුලී සම්බන්ධ නොවිසඳුණු කරුණු හේතුවෙන් එය භාරදීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇත.

එය නිරාකරණය කර එම දේපළ කඩිනමින් රජයට ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%