October 4, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක විදුලි බිල පියවීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් ගෙවීමට ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත තීරණය කර තිබේ.

ඒ අනුව, අඩු ආදායම්ලාභී පවුල්වල පොහොට්ටු සාමාජිකයන්ගේ ජනතාවගේ විදුලි බිල ”සනත් නිශාන්ත පදනම” හරහා ගෙවීමට ඔහු තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට තම විදුලි බිල්පතේ ඡායාරූපයක් 0777449492 දරන වට්ස්ඇප් එවන ලෙස හෝ 032 2259130 යන දුරකථන අංකයට අමතන ලෙස රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක නොගෙවූ රුපියල් ලක්ෂ 2.6 ක විදුලි බිල සඳුදා (02) රාජ්‍ය ඇමැතිවරයා ගෙවාදමනු ලැබීය.

42.31%
17.27%
32.76%