December 29, 2023

ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මෝටර් රථය අද අලුයම මාරවිල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී ඇති අතර, පසුව ගැටුණු රථයේ සිටි පිරිස රාජ්‍ය ඇමැතිවරයාගේ රථයට පහර දී ඇත.

රාජ්‍ය ඇමැතිවරයා උත්සවයකට සහභාගිවීම සඳහා දංකොටුව බලා යමින් සිටියදී මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇත.

ජීප් රථයේ සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ජීප් රථයට සිදුවූ අලාභහානි දැකීමෙන් කෝපයට පත් ව්‍යාපාරිකයා යකඩ බටයකින් ජීප් රථයට පහරදී ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%