January 27, 2024

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මිය ගිය රිය අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරු ඇප මත මුදාහැර තිබේ.

ඊයේ (ජනවාරි 26) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවාවිදාන විසින් කන්ටේනර් රියදුරුට මෙලෙස ඇප නියම කර ඇත.

කන්ටේනර් රියදුරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කඳාන පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත ඔහු මුදාහැර තිබේ.

කෙසේවෙතත්, අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ රථයේ රියදුරු 2024 පෙබරවාරි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත බ්‍රහස්පතින්දා (ජනවාරි 25) කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ ගමන්ගත් කන්ටේනරයක පසුපස කෙළවරේ ඔහු ගමන් කළ වාහනය ගැටීමෙන් මියගියේය.

42.31%
17.27%
32.76%