March 4, 2025

දැනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.එම්.යූ.හේරත්ගේ කොන්ත්‍රාත් සේවා කාලය 2025‑03‑07 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව, එදින සිට පුරප්පාඩුවීමට නියමිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ කොන්ත්‍රාත් පදනම මත එක් වසරක (01) කාලයකට පත්කිරීමට තීරණය කර ඇත.

එම පත්කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.