Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට රජයෙන් ලබා දී තිබූ නිලනිවස ඔහු මියගොස් මාස පහකට පසුව ඔහුගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට භාරදී ඇත.
එම නිලනිවස බාරදෙන ලෙස අමාත්‍යාංශයෙන් සිහිකැඳවීම් පහකට වැඩි සංඛ්‍යාවක් කර තිබූ බව පැවසේ.
සම්පන්දන්ට කොළඹ 7 මළලසේකර මාවතේ පිහිටි මෙම නිලනිවාසය ලබා දී තිබුණේ 2015 වර්ෂයේදීය.
අනතුරුව යහපාලන ආණ්ඩුව සමයේදී හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක 2019 පෙබරවාරි මස 26 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව, සම්පන්දන්ට එම නිලනිවස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටින තාක් පාවිච්චි කළ හැකි වන සේ ලබා දී තිබිණි.
විපක්ෂ නායක නිල නිවස පිහිටා ඇත්තේ අක්කර එකහමාරක පමණ භූමි භාගයකය.
එහි සියලු නඩත්තු කටයුතු පසුගිය කාලය පුරා කරනු ලැබුවේද රජය විසිනි.
එම නිලනිවස රජයට පසුගිය 12 වැනිදා බාරදෙන බවට සම්පන්දන්ගේ දියණිය අමාත්යාංශයටලිඛිතව දැනුම් දී තිබුණද එය එදිනට භාරදී නොතිබිණි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් නැවත සිහිකැඳවීමක් කිරීමට අමාත්‍යාංශයට සිදුවිය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart