Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මනියේ ඉදිරි මැතිවරණයට තරග කරන දේශපාලනඥයකුට ශ්‍රී ලංකාව තුළ සමලිංගික සහකාරියක සිටින බවට ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන එලෝන් මස්ක් කළ ප්‍රකාශයක් විශාල කැළඹීමක් ඇති කර තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේ ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන පුවත්පතක් ඔස්සේ එරට අන්ත දක්ෂිණාංශික පක්ෂයට සහාය දෙමින් මස්ක් මෙම කැළඹීම ඇති කළ බවත්, ඊට පළ වූ විරෝධය හමුවේ පුවත්පතේ එක් කතුවරයකුට ඉල්ලා අස්වීමට සිදු වූ බවත්ය.
සති අන්තයේ ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද Axel Springer සමූහයට අයත් ප්‍රකාශනයක් වන Welt am Sonntag සඳහා මස්ක් කළ අදහස් දැක්වීම, ඔහු ‘ජර්මනිය සඳහා වූ විකල්පය’ හෙවත් ‘AfD’ සඳහා සහාය දුන් දෙවැනි අවස්ථාව වේ.
“ජර්මනිය සඳහා විකල්පය (AfD) යනු මේ රට සඳහා බලාපොරොත්තුවේ අවසාන ගිනි පුපුරයි” යනුවෙන් මස්ක් සිය විවරණයේ ලියා ඇත.
“පක්ෂයේ නායිකාව වන ඇලිස් වීඩෙල්ට ශ්‍රී ලංකාවෙන් සමලිංගික සහකාරියක සිටින බව සළකන විට AfD පක්ෂය දක්ෂිණාංශික අන්තවාදියකු ලෙස නිරූපණය කිරීම පැහැදිලිවම අසත්‍යයක්! ඒක ඔයාට හිතෙන්නේ හිට්ලර් වගේ කියලද?”යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මස්ක්ගේ විවරණය ජර්මානු මාධ්‍ය තුළ නිදහස් භාෂණයේ සීමාවන් පිළිබඳ විවාදයකට තුඩු දී තිබේ.
ඒ අනුව පුවත්පතේ එම විශේෂාංගයට වගකිව යුතු කතුවරිය ඇයගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart