Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAIDහි පරිපාලක සමන්තා පවර්, අන්තර්ජාල නිදහස සහ ඩිජිටල් ආර්ථිකයේ ජීව ගුණය කෙරෙහි ඔන්ලයින් ආරක්ෂණ පනතෙන් වියහැකි බලපෑමට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර තිබේ.
USAIDහි නිල ප්‍රකාශයකට අනුව, එම සංවාදයේ දී උපදේශන ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක්, ප්‍රකාශනයේ සහ සංගමයේ නිදහසට ගරු කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
සමන්තා පවර් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම මූලික අයිතිවාසිකම් සඳහා එක්සත් ජනපදයේ ප්‍රබල සහයෝගය ලබා දෙන බවයි.
අන්තර්ජාල නිදහස සහ ඩිජිටල් ආර්ථිකයේ ජීව ගුණය කෙරෙහි ඔන්ලයින් ආරක්ෂණ පනතෙන් වියහැකි බලපෑමට අදාළ කරුණු විසඳීමට මෙහිදී ඇය ජනාධිපතිවරයා දිරිමත් කළ බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අභියෝග සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා USAIDහි තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට USAIDහි කැපවීම සමන්තා පවර් නැවතත් අවධාරණය කර තිබේ.
මේ අතර, අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේ සමාජ මාධ්‍යවල හුවමාරු වන අන්තර්ගතයන් සඳහා අපරාධ නඩු පැවරීමේ අවදානම පිළිබඳ ගෝලීය තාක්ෂණික දැවැන්තයන්ගේ විරෝධයෙන් පසු ශ්‍රී ලංකාව සිය දැඩි නව අන්තර්ජාල වාරණ නීතිය සංශෝධනය කරන බවයි.
සම්මත කර ඇති නීතිය මගින් සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ වේදිකාවල පළ කරන ඕනෑම අන්තර්ගතයක් සඳහා වගකිව යුතු බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් සළකනු ලබයි.
අන්තර්ජාතික තාක්‍ෂණ සමාගම්වල හවුල පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවූයේ මෙම නීති සම්පාදනය “ක්‍රියාත්මක කළ නොහැකි” අතර එය ක්‍රියාත්මක කිරීමට මෙරට ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවයි.
ඇමැති මණ්ඩලය විසින් 2024 පෙබරවාරි මස 13 වැනි දින, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ මෑතකදී සම්මත කරන ලද පනත සංශෝධනය කිරීමේ යෝජනාවක් සළකා බලා තිබේ.
පාර්ලිමේන්තුව විසින් අනුමත කර කථානායකවරයා විසින් අත්සන් කරන ලද එම පනත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වකරුවන් විසින් කණස්සල්ල මතු කර තිබිණි.
Asia Internet Coalition සහ අනෙකුත් අන්තර්ජාතික සංවිධාන ඒ අතරින් ප්‍රධාන වේ.
මෙම කරුණු ආණ්ඩු පක්ෂය විසින් පිළිගත් අතර, පනත බලාත්මක කිරීමෙන් පසු සමාලෝචනය සඳහා නියම කෙරිණි.
තවද මුල් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මතු කරන ලද ප්‍රධාන සළකා බැලීම් පැහැදිලිවම නොසලකා හැර ඇති බව විරුද්ධ පක්ෂ සහ මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙමින් තිබියදී සහ අදාළ කොමිෂන් සභාව තවමත් ස්ථාපිත කර නොමැති බැවින්, පනත සම්මත වී සති දෙකක් ඇතුළත ඉදිරිපත් කෙරෙන සංශෝධන පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart