January 9, 2024

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත්තේ, අහස උසට නැඟෙන ජීවන වියදමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් අද කළු ඇඳගෙන පැමිණි බවයි.

කෙසේ වෙතත්, තලතා අතුකෝරළ, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණීම නිසා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දෙකඩ වූ බවක් පෙනෙන්නට තිබුණු බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනු දැකගත හැකිවිය.

42.31%
17.27%
32.76%