Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
එසේම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද තීරණය කෙරී ඇති බව පැවැසේ.
සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය සිකුරාදා (20) රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.
ඊට අමතරව සමගි ජන සන්ධානයේ මන්ත්‍රී අරවින්ද කුමාර් සම්බන්ධයෙන් දෙමළ ප්රගතිශීලී පෙරමුණ ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමටද සජබ තීරණය කර ඇත.
පක්ෂයේ ආසන මට්ටමින් කාර්යක්ෂමව සංවිධාන කටයුතු මෙහෙයවීමට අපොහොසත්ව සිටින ආසන සංවිධායකයන් සම්බන්ධයෙන්ද විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart