
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහිදී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිසකෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තිස්පස් හැවිරිදි මෙම විවාහක කාන්තාව සාදයකට සහභාගී වීම සඳහා හිසකෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණාගාරයකට ඉකුත් 30 වැනිදා ගොස් ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
රූපලාවණ්‍යාගාර ප්‍රධාන කාන්තාව කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලිය ලෙස ලබාගෙන අනතුරුව කොණ්ඩය සැකසීමට කාන්තාව අසුන් ගන්වා හිස ගල්වන ද්‍රාවණ කීපයක් ගල්වා ඇති බව හෙළිවී තිබේ.
මෙසේ හිස ගල්වන ආලේපන යොදා ටික වෙලාවක් යන විට කාන්තාවගේ හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවක් දැනීමට පටන් ගැනීම නිසා ඇය ඒ බව හිසකෙස් සකසමින් සිටි තරුණියන් දෙදෙනාට පවසා ඇත.
පසුව එම තරුණියන් දෙදෙනා කාන්තාවගේ හිස සෝදා පිස දැමුව ද ඇතිවූ අධික දැවිල්ල හේතුවෙන් කාන්තාව තම හිස අත ගෑමේ දී හිසකෙස් ගැලවී අතට පැමිණ තිබේ.
එම කාන්තාව කොණ්ඩය සකස් කරමින් සිටි රූපලාවණ්‍යාගාරයට පැමිණි ඇයගේ ඥාති සොහොයුරියන් දෙදෙනකුගේ ද සහාය ඇතිව මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අසාත්මිකතාවට පත් වූ කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් එම රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති අතර ඒ වන විටත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය එය ඉබි යතුරු යොදා වසා දමා ගොස් තිබී ඇත.(ලංකාදීප)
ඇය නිවසින් ද පිටව ගොස් ඇතැයි පැවසේ.
රෝහල්ගත කර සිටි කාන්තාව ප්‍රතිකාර ලබා ඊයේ (01) නිවසට පැමිණ ඇති බව ද පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart