August 20, 2023

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බවත්, විධායකය ඊට මැදිහත්වීම බරපතල ගැටළුවක් බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම බව ඔහු පෙන්වාදෙයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මේ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය.

 

“අපේ රටේ අධිකරණයක මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් EPF එකට වෙන බලපෑම පිළිබඳව නඩු විභාගයක් තියෙනවා. එතකොට මොනවද මේ ජනාධිපතිවරයා දෙන සිග්නල් එක? ඒ සිග්නල් එක තමයි කියන්න අධිකරණය මොනවා කිව්වත් මම ඒක භාරගන්නේ නැහැ කියන එක. ඒක කොයිතරම් භායනක දෙයක්ද? ඇත්ත වශයෙන්ම අධිකරණයට කරන ලද තර්ජනයක්. පසුගිය මාර්තු මාසයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්නේ මුදල් ඇමතිවරයාට. වත්මන් ජනාධිපතිවරයා තමයි මුදල් ඇමති ධුරය දරන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම්වලට අවශ්‍ය කරන මුදල් බ්ලොක් කරන්න එප.  ඒවා නිදහස් කරන්න පියවර ගන්න කියන එක. මේ වෙනතු‍රු ඒ අධිකරණ නියෝගයට අවනත වෙලා නැහැ. දැන් අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත්. මේ අපිට හුරුවෙලා තියෙන මානව අයිතිවාසිකම්, අපිට හුරුවෙලා තියෙන මිනිස් නිදහස, අපිට හුරුවෙලා තියෙන ඡන්ද බලය මේ හැම එකක්ම රඳා පවතින්නේ මේ රටේ අධිකරණ‍ය ස්වාධීන නම් පමණයි.”

ජනාධිපති නීතීඥ සාලිය පීරිස්  වැඩිදුරටත්  පැවසීය.