February 2, 2025

පාර්ලිමේන්තු කාරක සභා තුළ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථා නොලැබීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, මෙම සාකච්ඡාව බදාදා (05) උදෑසන පැවැත්වීමට නියමිතය.

සමස්ත විපක්ෂයටම අදාළ ගැටළුව මතුව ඇති බැවින්, සියලුම විපක්ෂ පක්ෂ මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බව පැවැසේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෑතකදී පැවති සාකච්ඡාවේදී ද මෙම ගැටලුවට අදාළ කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

 

42.31%
17.27%
32.76%