
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු හමුවීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, තමන් ඉරාන ජනාධිපතිවරයා හමුවීම ප්‍රතික්ෂේප කළ බවට හුවා දක්වන ‘රනිල්ගේ’ ජනමාධ්‍ය ද්වේශසහගත උත්සාහය තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
“සුපුරුදු පරිදි පරාජිත සහ සදාචාරාත්මක බංකොලොත් දේශපාලකයෝ අපේ රටේ ජනතාව අන්දවා තැබීම සඳහා අසත්‍ය ප්‍රචාරවලට යොමුවෙමින් සිටිති,” ඔහු පවසයි.
මේ අතර, සිය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඉරාන ජනාධිපතිවරයා හමුවීම මඟහැර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂය වන සමගි ජන බලවේගයද ප්‍රකාශ කරයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එම වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබා දී නොමැති බව පැහැදිලි කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවීම පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාර පැවසුවේ, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ජනාධිපති වික්‍රමසිංහ විසින් පවත්වනු ලබන උත්සවවලට සහභාගි නොවන බවයි.
අද (අප්‍රේල් 26) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart