December 17, 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහක් නිර්මාණය විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුව අමතමින් කියාසිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ප්‍රශ්න නගන බැවින්, අදාළ අධ්‍යාපන සහතික ප්‍රසිද්ධියට පත්කර මෙම ගැටලුව විසඳාගත හැකි බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේ, හෙට දිනයේ උදෑසන තමා සතු සියලුම අධ්‍යාපන සහ වෙනත් සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

42.31%
17.27%
32.76%