September 9, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ මහනුවර මැතිවරණ ප්‍රචාරක රැලිය වෙනුවෙන් ආධාරකරුවන් විසින් දැල්වූ රතිඤ්ඤා හේතුවෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු ඇතුළු 8 දෙනකු තුවාල ලබා තිබේ.

වාර්තාවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ආධාරකරුවන් රැළිය ආරම්භ වීමට මොහොතකට පෙර රතිඤ්ඤා දල්වා ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මැතිවරණ රැළිය සඳහා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මෙහිදී තුවාල ලබා තිබේ.