![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/TRAIN-SEATS-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා එම කවුන්සිලයට ලිපියක් යවා ඇති බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පැනවීමට හේතුවක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අනාවරණය කළේය.
අතිරේක කරුණක්ද සහිත බරපතළ චෝදනා පහක් ඇතුළත් ලිපිය 2023 අගෝස්තු 28 වැනි දින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත යවා ඇති බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා එල්ලකර ඇති බවත්, ක්‍රීඩා අධ්යක්ෂවරයා මෙරට ක්‍රිකට් තරගාවලිවලට අනිසි බලපෑම් කළ බවටත් , ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට වැටුප් ගෙවන ලෙස ඉල්ලා සිටි බවත්, LPL තරඟාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවසර ලබාගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බවත්,එම වාර්තාවේ කෙටුම්පත පිටවී ඇති බවත් අදාළ ලිපියේ සඳහන් බව විපක්ෂ නායකවරයා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල්වලින් සියයට 20ක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බව සඳහන් තවත් කරුණක්ද එම ලිපියේ අඩංගු බවද ඔහු පැවසීය.
2023 අගෝස්තු 28 වැනි දින මෙම චෝදනා එල්ල කර ඇති බවත්, මීට පෙර යොමුකර ඇති තවත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පැනවීමේ වාතාවරණය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේය.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් කළ පාවාදීමක් බවත් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
විපක්ෂ නායකවරයා ලිඛිත සාක්ෂි සහිතව එය හෙළිදරව් කිරීම බරපතළ බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, එම චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart