February 11, 2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ආණ්ඩුව විදුලිබල ක්ෂේත්‍රය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලකර තිබේ.

ඒ, සිය නිල X ගිණුමේ සටහනක් තබමිනි.

එමගින්, සූර්ය බලශක්ති වර්ධනය සහ අඩු ඉල්ලුම සහිත කාලපරිච්ඡේදයකදී විදුලිබල පද්ධතිය හසුරුවන ආකාරය පිළිබඳ ඔහු දොස් පවරා තිබේ.

“මුලින්ම වඳුරන්ට දොස් කිව්වා. ඉන්පසුව ඔවුන් පසුගිය ආණ්ඩුවලට දොස් කීවා. නමුත් සැබෑ ප්‍රශ්නය කුමක්ද? සූර්ය පද්ධති වර්ධනය සහ අඩු ඉල්ලුම සහිත කාල පරිච්ඡේද හැසිරවිය නොහැකි පරිදි පවතින අස්ථාවර ජාලයයි. වැරදි තොරතුරු මගින් විදුලිය ඇණහිටීම් නිරාකරණය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විදුලිබල අංශයේ බරපතල ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. සැබෑ පද්ධති වෙනසක් විනිවිදභාවයෙන් ආරම්භ විය යුතුය” යනුවෙන් විපක්ෂ නායකවරයා ට්විටර් පණිවිඩයේ සදහන කර තිබේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලනය) නිකුත් කර තිබූ ලිපියක් ද පළකර තිබේ.

අක්‍රමවත් සූර්යබල ව්‍යාපෘති හේතුවෙන් පද්ධතියට සිදුවන අස්ථාවරත්වයන් සම්බන්ධයෙන් ඔහු එම ලිපිය මගින් කරුණු පැහැදිළි කර තිබේ.

42.31%
17.27%
32.76%