Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සිදුකොට ඇතැයි කියන තර්ජනය දැඩි පිළිකුලෙන් හෙළාදකින බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ, ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුව තම මතයට ගරු නොකරන ජනමාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.
1988/89 පාලන සමයේදී තම නියෝගවලට එරෙහිව කටයුතු කළ තේවිස් ගුරුගේ, සාගරික ගෝමස්, කුලසිරි අමරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි ජනමාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදුන්නේ ගිනි අවියෙන් බවද සජබ සිය නිවේදනයෙන් පවසයි.
අද ගිනි අවියෙන් උත්තර නුදුන්නත් සුපුරුදු පරිදි ජනමාධ්‍ය ඇමතිවරයා ජනමාධ්‍යයට තර්ජනාත්මක ප්‍රකාශන තුළින් පීඩනයක් එල්ල කරන බව සජබ සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart