July 27, 2024

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේදී සිදුව ඇත.

මෙහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහාය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත්, රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදෙන ලෙසට එහිදී දැඩිව ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සදුදා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.