January 5, 2024

බීඩි කර්මාන්තය මුහුණදෙන අභියෝග විසඳීම සඳහා විධිමත් නීතිමය රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඊයේ (04) පෙරවරුවේ, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡා කර තිබේ.

බීඩි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවන ගැටළු හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

– බීඩි කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම

– නීතිවිරෝධී අමුද්‍රව්‍ය ආනයනය මැඩලීමට ක්‍රියාමාර්ග ගැනීම

– බීඩි නිෂ්පාදන ආයතන හා ආනයනකරුවන් වාර්ෂික ලියාපදිංචි කිරීම

– කපා සකස් කරන ලද ‘ටෙන්ඩු’ කොළ ආනයනය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම වශයෙන් එහිදී තීරණ කිහිපයක් ගෙන තිබේ.

එසේම, මෙම සාකච්ඡාව සදහා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක්ද සහභාගි වී ඇත.

42.31%
17.27%
32.76%