June 29, 2023

ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කෙරෙන ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘතිකයන් විසින් විධායක ශ්‍රේණියේ අති විශිෂ්ට සම්මානය ඇතුලු රන් සම්මාන 4ක්, රිදී සම්මාන 02ක්, ලෝකඩ සම්මාන 2ක්, ඇතුළු සම්මාන 09ක් දිනා ගැනීමට සමත් වී ඇත.

බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය (Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘතිකයන් තරග කෙරෙන අතර, එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2022/2022 සම්මාන උලළෙ පවත්වන ලද්දේ 21වන වරට වන අතර, සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ පස්වන වර්ෂය වේ.

2017 වසරේ සිට සදාහරිත සමගම අඛණ්ඩව මෙම පස්වතාව පුරාම සම්මානයට පාත්‍රවී ඇති අතර, විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙස මෙම වසර සනිටුහන් වේ.

”සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත යෝජනා ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගමක් ලෙස සඳහන් කිරීම ගැන සතුටු වෙනවා. ඊට හේතුව වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයන් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම පිරිනැමීම පසුගිය වසරේ සිදු කළ නිසා” යැයි සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුලරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආලයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා මෙරට ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත.

හරිත ආයෝජන හරහා ජනතාවට සැලසුම් පිරිනමමින් සමාගම මෙතෙක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ශාඛා 30කට අධික ජාලයක් හරහා උසස් ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් ඇත.