November 17, 2024

පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වුවද ත්‍රිරෝද රථ රියදුරන්ට ටයර් ලබාදීම සඳහා දී තිබූ මැතිවරණ පොරොන්දුව ඉටු කළේය.

රියදුරන් 200 දෙනෙකු වෙත ටයර් ලබාදීම ඔහු සිය මැතිවරණ කාර්යාලයේදී සිදු කර ඇත.

රහීම් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහු මීට පෙර සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් පසුව එම පක්ෂයෙන් ඉවත් වී වෙනම තරඟ කළේය.

හිටපු මන්ත්‍රීවරයා පසුගිය වසරේ රත්‍රං සහ ජංගම දුරකථන ජාවාරමක් ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම ලක්විය.

42.31%
17.27%
32.76%