
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉඩම් ඔප්පුවක් ලියාපදිංචි කිරීමේදී රජයට ගෙවිය යුතු හිඟ මුද්දර ගාස්තු අඩුකිරීම සඳහා පොලිස් නිලධාරියකුගෙන් රුපියල් 35,000ක අල්ලසක් ගත් බව පිළිගත් සබරගමු පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනියකට කොළඹ මහාධිකරණය ඊයේ (11) අවුරුදු 02ක බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවමක් නියම කළේය.
අදාළ නිලධාරිනිය නඩුව ආරම්භයේදීම වරද පිළිගැනීම හා පෙර චෝදනා නැති වීම සැළකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කරන බව විත්තිකාරියට එරෙහි දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ කියා සිටියේය.
සබරගමුව පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවේ කෑගල්ල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනිය ලෙස සේවය කරමින් එහි සේවය ලබා ගැනීමට පැමිණි තැනැත්තකුගෙන් 2021 වසරේ පෙබරවරි 15දා හෝ ඊට ආසන්න දිනයකදී තුටු පඬුරක් ගැනීමෙන් අල්ලස නමැති වරද සිදුකිරීම යටතේ අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2013 වසරේ ජූනි 09 වැනිදා නඩු පැවරීය.
1965 අංක 02, 1989 අංක 15 දරන පනත්වලින් සංශෝධිත අල්ලස් පනතේ 19 වැනි වගන්තිය යටතේ විත්තිකාරියට එරෙහිව අධි චෝදනා 08ක් ගොනු කෙරිණ.
විත්තිකාරියට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා 08 සඳහා එක් චෝදනාවකට රුපියල් 4,000 බැගින් රුපියල් 32,000ක දඩයක් නියම කෙරිණි.
එම මුදල් නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට මාස 08ක සිරදඬුවමක් නියම කළේය.
මෙයට අමතර විත්තිකාරිය තුටු පඬුර ලෙස ලබාගත් රුපියල් 35,000ක මුදල දඩ මුදලක් ලෙස රජයට ගෙවන ලෙස හා ඇඟිලි සලකුණු ගන්නා ලෙස නියම කරන ලදි.
විත්තිකාරිය ඊයේ (11) මුළු දඩ මුදල ගෙව්වාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart