
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය ජාතිකයෙකු විසින් ගෙන ආ පාර්සලයක් හේතුවෙන් මතුවූ බෝම්බ බියක් හමුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලයට අද බෝම්බ නිෂ්ක්රීය අංශය කැඳවා තිබිණි.
විදේශිකයෙකු විසින් ලැප්ටොප් පරිගණකයක් සහිත පාර්සලයක් ලබාදී වහාම තානාපති කාර්යාල පරිශ්රයෙන් පිටව යාම හේතුවෙන් එම තත්වය උදගත විය.
මෙම පාර්සලය සම්බන්ධයෙන් ඇති වූ සැකය මත තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ කුරුඳුවත්ත පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක්, විශේෂ කාර්ය බළකායේ සහ බෝම්බ නිෂ්ක්රීය අංශයේ නිලධාරීන් පිරිසක් එම පාර්සලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තානාපති කාර්යාලයට පැමිණ තිබිණි.
මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart