![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/IVF-kangaroo-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් අතරට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් ද නම්කර තිබේ.
ආකෘති තුන යටතේ අන්තර්ජාතික තරග 225කට සහභාගී වී ඇති රසල් ආනල්ඩ් දැන් අන්තර්ජාතික ක්‍රිකට් විස්තර විචාරකයකු සහ 3 වැනි මට්ටමේ ඉහළ කාර්ය සාධන පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.
දෙදරු පියකු වන ඔහු ශ්‍රී ලංකාවේ වාසි සහ අවාසි සහගත ප්‍රජාවන් අතර පරතරය පියවීමට කටයුතු කරන ගුඩ්නස් පදනමේ භාරකරුවකු වන අතර ළමා ලිංගික අපයෝජනයෙන් දිවි ගලවා ගත් අය සවිබල ගැන්වීමට කටයුතු කරන Emerge Lanka පදනමේ තානාපතිවරයකු ලෙස ද කටයුතු කරයි.
‘X’හි සටහනක් තබමින් රසල් ආර්නෝල්ඩ් සඳහන් කර තිබුණේ උස්මාන් කවාජා, මෙල් ජෝන්ස්, වසීම් අක්‍රම්, රවී ශාස්ත්‍රි, ලීසා ස්ටාලේකාර්, ඇලනා කිං සහ තවත් බොහෝ අය සමඟ තමන්ට බහු සංස්කෘතික තානාපතිවරයකු වීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි.
වැඩි අවස්ථා නිර්මාණය කිරීමට, පවතින බාධක බිඳ දැමීමට, බහු සංස්කෘතික ක්‍රියාකාරී සැලැස්මට සහාය දැක්වීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු මැදපෙළ පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රීඩක රසල් ආනල්ඩ් 1997 සිට 2007 දක්වා ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
රසල් ආනල්ඩ් ටෙස්ට් තරග 44කට, අන්තර්ජාතික T 20 තරග 18කට සහ එක්දින තරග 180කට ක්‍රීඩා කළ අතර,ඔහුගේ අවසන් තරගය වූයේ 2007 ලෝක කුසලාන අවසන් මහා තරගයයි.
විශ්‍රාම ගැනීමෙන් පසු, ආර්නෝල්ඩ් විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ අතර කීර්තිමත් අයකු බවට ද පත්ව ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බහු සංස්කෘතික ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති විවිධත්වයට සහාය දක්වන විවිධත්වය ජය ගන්නා බොහෝ අතීත සහ වර්තමාන ක්‍රීඩකයන් මෙන්ම ප්‍රජා නායකයන් අතර ඔහු ද වේ.
සමාරම්භක තානාපතිවරුන් ලෙස උස්මාන් කවාජා, මෙල් ජෝන්ස්, වසීම් අක්‍රම්, රවී ශාස්ත්‍රි, ලීසා ස්ටාලේකාර්, කිෂ්වර් චෞද්රි, ඇලනා කිං, පීටර් වර්ගීස්, ස්වාති ඩේව් සහ ෆවාඩ් අහමඩ් නම්කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart