March 26, 2025

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන් විදුලි සංස්ථාව කිසිදු අවස්ථාවක ඒකාබධ කිරීමක් සිදුනොකරන බව රජය පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසුවේ, මූල්‍ය අර්බුදවලට මුහුණදී සිටින මෙම ආයතන වෙනවෙනම සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

එමනිසා අදාළ ආයතනවල සේවය කරන සේවකයන් කිසිසේත් බියවිය යුතු නැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය.