Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැය 7කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ සිරකර තබාගැනීමට සුළු සේවකයන් ඊයේ (16) කටයුතු කළ අතර, පොලිසිය සහ කැරලි මර්දන ඒකකය එක් වී මහත් පරිශ්‍රමයක් දරා ඔහු රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගෙනයෑමට කටයුතු කළේය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සුළු සේවකයන් ඉලක්ක කරගෙන විටින් විට කරන ලද ප්‍රකාශවලට විරෝධය පළකරමින් සුව සේවකයෝ මෙසේ ඔහු කාර්යාල අඩස්සියේ රඳවාගෙන රෝහල් භූමියේ කලහකාරිව හැසිරුණහ.
මේ හේතුවෙන් රෝහල් පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් මතු වූ අතර, තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකයද කැඳවීමට සිදුවිය.
සුළු සේවකයන් විරෝධය දක්වමින් කලහකාරිව හැසිරෙන අතරතුර කැරලි මර්දන ඒකකයේ සහ පොලිසියේ සහාය ඇතිව බෙල්ලන සිය කාර්යාල කාමරයෙන් එළියට රැගෙන විත් පොලිස් ජීප් රථයක නංවා රෝහල් පරිශ්‍රයෙන් රැගෙන යෑමට පොලිසිය පියවර ගත්තේය.
ඊයේ (16) දහවල් 12.00ත් 12.30ත් මේ විරෝධය ආරම්භ කළ අතර, සවස 6.30ට පමණ බෙල්ලන පරිශ්‍රයෙන් එළියට ගැනිණි.
රෝහල් සේවකයෝ විශාල පිරිසක් රෝහල් භූමියට රැස්ව කලහකාරිව හැසිරෙමින් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් දිගින් දිගටම විරෝධතාව දැක්වූහ.
වෛද්‍යවරුන්ට දෙන රු. 35,000ක වැට් දීමනාව ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 දා සිට දින 2ක කාලයක් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර, ඒ අවස්ථාවේදී ජනමාධ්‍යයට අදහස් පළකරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සුළු සේවකයන් පහත් කර කතාකළ බවට සේවකයෝ මෙහිදී චෝදනා කළහ.
මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ නිවෙස අවට ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති බවද වාර්තා වේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart