42.31%
17.27%
32.76%
October 4, 2023

ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) සමඟ පැවැත්වීමට නියමිතව තිබූ පර්යේෂණ වැඩසටහනින් ඉවත්වීමට තීරණය කර ඇති බව රුහුණු විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇති මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාවද දැඩි කනස්සල්ලක් පළකර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර තහවුරු කළේ නෞකාව ඔක්තෝබර් 25වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ සවස් වන විටත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවසරයක් ඊට ලැබී නොතිබිණි.

ෂී යැන් 6 නෞකාව ඊයේ සවස හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 474ක් පමණ දුරින් ස්ථානගත කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ෂී යැන් 6 නෞකාව ශ්‍රී ලංකාවේ කිසිදු වරායක නැව්ගත කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවසරයක් මෙතෙක් ලබා දී නොමැත.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ රුහුණු විශ්ව විද්‍යාලය සමග එක්ව සාගර පර්යේෂණ කිහිපයක් සිදුකිරීමට නියමිත බව මීට පෙර ප්‍රකාශ කෙරිණි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා සහ සමුද්‍ර භූ විද්‍යා දෙපාර්තමේන්තුව චීනය සමග සමීපව කටයුතු කරනු ලබයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ චීනයේ බොහෝ පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන්වලට සහභාගී වෙති.

42.31%
17.27%
32.76%