July 1, 2024

විද්‍යා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ උණුසුම් වූ රග්බි තරගයක් අතරතුර ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් හේතුවෙන් ගැටුමක් නිර්මාණය වී ඇත.

තරගය අවසන් වන විට විද්‍යා ක්‍රීඩකයකු උත්සාහක දිනුමක් ලබාගත් බවක් පෙනුණද, තරගයේ ප්‍රධාන තීරකවරයා රේඛීය විනිසුරුගේ මතය විමසා එය බැහැර කළේය.

ඒ අනුව විද්‍යා විද්‍යාලයට ලකුණු 30-26ක පරාජයක් අත්විය.

එහිදී විද්‍යා ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු පිටියට කඩා වැදී උත්සාහක ගෝලය පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමග ගැටුමක් නිර්මාණය විය.

ගැටුම ඉක්මනින් ශාරීරික පහරදීමක් දක්වා වර්ධනය විය.

මෙම සිද්ධියෙන් අනතුරුව සියලුම විනිසුරුවන් රෝහල්ගත කර ඇති බවද දැනගන්නට ඇත.