May 25, 2024

ශ්‍රී ලංකා රේගුව විසින් ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ ආයතන 13ක් වටළා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් රුපියල් බිලියන 4.5ක දැවැන්ත දඩයක් පැනවීමට නියමිත බව වාර්තා වේ.

මේ ජාවාරමට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයින් රජයට බදු ආදායමක් ලබානොදී දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී ක්‍රම මගින් ඉන්දියාවෙන් රත්‍රං රැගෙන ඒම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට අදාළ සැක සහිත ගනුදෙනු සඳහා අත්අඩංගුවට ගෙන ඇති රත්‍රං තොගයේ වටිනාකම අවතක්සේරු කිරීමට රේගු නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධ කරවන පියවරක් පවතින බව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරන ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.

ඉන්දියාවේ සිට බෝට්ටුවලින් රන් භාණ්ඩ රැගෙනවිත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් ගෙවා ඇති බවට රේගු බලධාරීන් සැක පළකරයි.

42.31%
17.27%
32.76%