April 22, 2025

මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 13,500 මුදලක් ලබාදීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු සඳහන් කළේ හෙක්ටයාර ලක්ෂ හයක් වෙනුවෙන් මෙම පොහොර සහනාධාරය ලබාදීමට නියමිතව ඇති බවයි.

පොහොර සහනාධාරය ලබා දෙන්නේ ජනතාව ගොවිතැන් කරන ප්‍රමාණය අනුව බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ ඒ දිස්ත්‍රික්ක වල කෘෂි පර්යේෂණ නිලධාරීන්ගෙන් වගා තහවුරුවක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පොහොර සහනාධාරය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වගා තහවුරුව ලැබෙන ප්‍රමාණය අනුව භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් කිරීම සිදුකරන බවයි.

ඒ අනුව අද වන විට ගම්පහ, මාතලේ, හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, මොනරාගල යන දිස්ත්‍රික්කවල වගා තහවුරු කරන ලද කුඹුරු සඳහා පොහොර හනාධාරය නිකුත්කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ තවමත් හා වාරිමාර්ග ආශ්‍රිත වගා කටයුතු ආරම්භ වී නොමැති බවයි