November 28, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර අතුරු කමිටුවක් පත් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයාව සඳුදා ජනාධිපතිවරයා විසින් නෙරපා හැරීම අන්තරජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් ශ්‍රී ලංකා පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමේදී පහසුවක් විය හැකි බව ක්‍රික්ඉන්ෆෝ(ESPNcricinfo) වෙබ් අඩවිය පවසයි.

ESPNcricinfo ඒ සම්බන්ධයෙන් පළකර ඇති වාර්තාවේ මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට තවදුරටත් දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට සහතිකයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයේ “ඉහළම මට්ටමින්” ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් එවැනි සහතිකයක් ලබා දී නැතත්, ඔහු රණසිංහ නෙරපා හැරීමෙන් ඇඟවෙන්නේ සමස්තයක් වශයෙන් ආණ්ඩුව පසුබැසීමට ඔහු කැමති බව ය. කෙසේ හෝ වේවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය නෙරපා හැරීමට වඩාත් ජවසම්පන්න ලෙස උත්සාහ කළේ රණසිංහය.

කෙසේවෙතත්, රණසිංහ ක්‍රීඩා ඇමැති ධූරයෙන් නෙරපා හැරීම පමණක් නොව, ඔහු දැරූ අනෙකුත් ඇමැති ධූර වන තරුණ කටයුතු සහ වාරිමාර්ග ඇමැති ධූරවලින්ද ඉවත් කර ඇත. ඒ ඔහු පෙරේදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීමෙන් අනතුරුවයි. කෙසේ හෝ වේවා රණසිංහගේ නෙරපා හැරීමේ පුවත, මාස 12ක පමණ කාලයක් ඇමැතිවරයා සමඟ අමනාපකම් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින් පිළිගනු ඇත. පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ෂම්මි සිල්වා රණසිංහට එරෙහිව පෞද්ගලික අපහාස සිදු කළේ, වෙනත් තැනකදී රණසිංහ ඔහුට එරෙහිව එවැනි අපහාස සිදුකළ කළ ආකාරයටමය. රණසිංහ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දූෂණ හා වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා කර තිබිණි.

ඔහු විසින් ස්ථාපනය කරන ලද සහ දිනකට පසුව ශ්‍රී ලංකාවේ උසාවිය විසින් නෙරපා හරින ලද අතුරු කමිටුවේ ප්‍රධානියා අර්ජුන රණතුංග වන අතර, ක්‍රිකට් පරිපාලනයේ කිසිදු නොදන්නා ඉතිහාසයක් නොමැති දේශපාලනඥයන්ගේ පුතුන් දෙදෙනකු ද ඊට ඇතුළත් විය. ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම හේතුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලානයේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට අහිමි විය.”