November 19, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් තහනම් කරන්නැයි ඉල්ලා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බලක⁣ර ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පෙරවරුවේ විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්මින් ප්‍රකාශ ක⁣⁣ළේය.

පසුගිය 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ ලිපියක් උපුටා දක්වමින් ඇමැතිවරයා මේ බව කියාසිටියේය.

අදාළ ලිපිය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ බවත්, එය රට පාවාදීමේ වෑයමක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ජනවාරියේදී මෙරටදි පැවැත්වීමට සැලැසුම් කර තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අහිමිකර ඇත්තේද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවාදීම මත බව සදහන් කළ ක්‍රීඩා ඇමැතිවරයා කියාසිටියේ, තමන් ක්‍රිකට් තහනම් කළ ආකාරයට චිත්‍රපටියක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශව ක⁣ටයුතු කර තිබූ බවය.

පසුගිය 07වැනිදා ලිපියෙන් ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බලකර ඇති බවද ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ එහිදී වැඩිදුරටත් සදහන් කළේය.