January 3, 2025

පසුගියදා මුලතිව් මුල්ලිවයික්කාල් වෙත පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන්, නීතිමය ක්‍රියාදාමයන් සහ සාකච්ඡාවලින් අනතුරුව පිටුවහල් කිරීමට රජය සලකා බලමින් සිටින බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

“විදේශ කටයුතු අමාත්‍යාංශය මියන්මාර රජය සමඟ සම්බන්ධ වී ඇති අතර, නම් ලැයිස්තුව දැනටමත් ඔවුන් වෙත යවා තිබෙනවා. අපි නීතිමය ක්‍රියාවලිය අනුගමනය කරනවා, මියන්මාර රජය සමඟ සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේදී ඔවුන් පිටුවහල් කිරීම ගැන සළකා බලමින් සිටිනවා” යැයි අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පැහැදිලි කර තිබේ.

පසුගියදා මුලතිව් වෙත පැමිණි සරණාගතයන් පිරිස බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් වනතුරු රඳවා තබා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

දෙසැම්බර් 19 වැනි දින රෝහින්ග්‍යා වැසියන් 115 දෙනෙකු රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ දෙසට පාවී ආවේය.

මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%