Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දේශපාලකයන් කිහිපදෙනකු ද සම්බන්ධ බවට වාර්තා වන නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසන්නේ, මෙම විමර්ශනය පුළුල් ලෙස සිදුකෙරෙන බවයි.
එම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් බලධාරීන්ට සහායවීම විමර්ශනයේ අරමුණ බව ද ඔහු සඳහන් කර ඇත.
හිටපු අමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය සතියේ අත්අඩංගුවට ගනුලැබුවේ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද BMW රථයක් කොළඹ හෝටලයක් අසල නවතා තිබියදී බලධාරීන් විසින් සොයාගැනීමෙන් පසුවය.
ජනාධිපතිවරණයට පෙර ප්‍රනාන්දුගේ රියැදුරු හෝටලයේ නවතා පිටව ගිය මෙම වාහනයේ තිබී ප්‍රනාන්දුට අයත් ලියකියවිලි හමුවූ නමුත් ලියාපදිංචි ලේඛන නොතිබිණි.
එම BMW රථය සහ එංගලන්තයේදී සොරකම් කරන ලද මෝටර් රථයක් අතර සම්බන්ධයක් ද විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
ඉන්ටර්පෝල් දත්ත ගබඩාවේ ලැයිස්තුගත කර ඇති වාහන දෙකටම ගැළපෙන චැසි සහ එන්ජින් අංක සටහන් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වාහන දෙක සම්බන්ධ බවට සැළකිව යුතු සාක්ෂි ඇති බව තහවුරු කළේය.
එම BMW රථය නීතිවිරෝධී ලෙස එකලස් කළ එකක් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත.
මීට අමතරව, වාහනයේ අංක තහඩුව නාවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් යටතේ ලියාපදිංචි කර ඇති බවත්, එය ගුවන් විදුලි නාලිකාවකට අයත් කාර්යාලයක නවතා තිබියදී සොරකම් කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.
නීත්‍යනුකූලව ආනයනය කරන ලද කිසිදු වාහනයක් සමඟ BMW රථයේ චැසි අංකය සම්බන්ධ නොමැති බව ශ්‍රී ලංකා රේගුව තහවුරු කර තිබේ.
මේ අතර, වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ බිරිඳගේ මිරිහානේ පිහිටි නිවසේ තිබී ලියාපදිංචි නොකළ Lexus SUV රථයක් සොයාගැනීමත් සමඟය.
මෙම වාහනය සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය.
ප්‍රශ්න කිරීම්වලදී රත්වත්තේ ප්‍රකාශ කර ඇත්තේ මෙම SUV රථය තමාට නොදන්වා ඔහුගේ මියගිය සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් නිවසට රැගෙන ආ බවයි.
ප්‍රනාන්දු ඇප මත මුදා හැර ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රත්වත්තේ පසුව බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart