Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොලේ මෙහෙයුම් ආරම්භ කරන දෙවැනි අන්තර්ජාතික සමාගම බවට RM Parks Inc. පත්වීමට නියමිතව තිබේ.
ඊට අදාළව ඔවුන් ඉන්ධනහල් 100 ක් පමණ සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ RM Parks ඉන්ධන හල් 100ක් පමණ සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර මූලික නිෂ්පාදන ආනයනය කිරීම ද ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ඔවුන් මූලික නිෂ්පාදන ආනයනය කළ පසු, ඔවුන්ට මෙහෙයුම් ආරම්භ කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
2022 දී රට මාස ගණනාවක් නතරකරවීමට සමත් වූ දැඩි ඉන්ධන හිඟයෙන් පසුව ශ්‍රී ලංකාව සිය බලශක්ති වෙළඳපොළ පෞද්ගලික සහ අන්තර්ජාතික තරගකරුවන් සඳහා විවෘත කරනු ලැබිණි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධනහල් 450ක් පෞද්ගලික සමාගම් තුනකට ලබාදීමට 2023 මාර්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමි විය.
2023 සැප්තැම්බර් මාසයේදී චීනයේ Sinopec ඉන්ධනහල්150ක් සමඟ ගිවිසුම් අත්සන් කරමින් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රථමයා බවට පත්විය.
වාර්තා වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් Sinopec වෙත මෙහෙයුම් 150ක් භාර දීමෙන් පසු ඔවුන් ඉන්ධනහල් 910ක් පවත්වාගෙන යයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) මගින් ඉන්ධනහල් 280ක් පමණ ක්‍රියාත්මක වේ.
ආයෝජන මණ්ඩලය 2023 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks, Shell සමඟ සහයෝගයෙන්, ඉන්ධන නිෂ්පාදන ආනයනය කිරීම සහ විකිණීම සඳහා ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
මීට සමාන ආකාරයකින්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart