June 13, 2024

බාලවයස්කාර ශ්‍රී ලාංකිකයන් ඇතුළත් අන්තර්ජාල අසභ්‍ය අන්තර්ගතයන් සම්බන්ධ සිද්ධීන් සංඛ්‍යාවේ භයානක වැඩිවීමක් වාර්තා වන බව දැනගන්නට තිබේ.

ඩිජිටල් අවකාශය තුළ බාලවයස්කාර දරුවන්ගේ සුරක්ෂිත බව සහ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරවමින් මෙම සිදුවීම් පිළිබඳ පොලිසියට දිනපතා තොරතුරු ලැබෙමින් පවතින බව ද වාර්තා වේ.

නිරන්තරයෙන් වාර්තා වන මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය හරහා නීතිමය පියවර ගනිමින් තිබේ.

එසේම, ඇතැම් නඩු වැඩිදුර උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

එවැනි අන්තර්ගතයන්හි මූලාරම්භය සොයා ගත හැකි නවීන තාක්ෂණය ඇත්තේ එක්සත් ජනපදය වැනි රටවලටය.

දැනට පවතින ක්‍රමවේදය වන්නේ ලෝකයේ වෙනත් තැන්වල එවැනි සිද්ධීන් හඳුනාගත් පසු පවතින දත්ත සමුදාය යාවත්කාලීන වීමයි.

ස්මාර්ට් ජංගම දුරකථනවල ඇති පහසුකම භාවිතයෙන් එවැනි අන්තර්ගතයන් බෙදාගත් පසු, අන්තර්ගතය ආරම්භ වූයේ කොතැනින්ද යන්න සොයා බැලිය හැකි තාක්ෂණයක් ඇති බවත් ඒ අනුව මෙරට දත්ත ගබඩාවේ තොරතුරු යාවත්කාලීන කෙරෙන බවත් පොලිසිය පවසයි.

මෑතක සිදුවූ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබුණේ තම අසල්වාසියකුගේ ගැහැණු දරුවකු සම්බන්ධ අන්තර්ගතය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුවයි.

අන්තර්ගතය එක්සත් ජනපදයෙන් අනාවරණ කරගෙන තිබිණි.

මෙම නඩුව නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු දැන් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතී.

මේ අතර ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන ලිංගික අපයෝජන සහ ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ ලිංගික අපයෝජන සහ ලිංගික හිංසනයන් අපරාධයක් බවට පත් කෙරෙන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%