
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ඖෂධ මිලදී ගැනීමේදී සිදු වූ විෂමතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුවට) දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීහු සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම රැස්වීමට සහභාගී වූහ.
රැස්වීම අතරතුර, NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ NMRA ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ යන මහත්වරු තහවුරු කළේ ඖෂධ සම්බන්ධයෙන් පෙර මණ්ඩලය විසින් නිකුත් කරන ලද ලියකියවිලිවල කිසිදු තාක්ෂණික ලේඛනයක් නොමැති බවයි.
එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ, ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටළුවක් ඇති බැවින් තමන් ඇතැම් මණ්ඩල රැස්වීම්වලට සහභාගී නොවූ බවයි.
“ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම විශේෂ මාර්ගය සඳහන් කරන ගොනුවක් මට ලැබුණා. අදාළ ලියකියවිලි නොමැතිව අවසර ලබානොදෙන ලෙස මම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සටහනක් යැව්වා. මෙම කාරණය සම්බන්ධයෙන් මම මගේ නිර්දේශ ලබාදුන්නා, එය මේ අවස්ථාවේ මට කළ හැකි උපරිමයයි” ඔහු පැවැසීය.
NMRA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ ද සිල්වා හෙළිකළේ NMRA කාර්ය මණ්ඩලය සඳහා සැලසුම් කර ඇති රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර ඔවුන්ගේ අනුදැනුමකින් තොරව හදිසි මණ්ඩල රැස්වීමක් සැලසුම් කර ඇති බවත්, එහිදී ඖෂධ මිලදී ගැනීම පිළිබඳව තීරණය කර ඇති බවත්ය.
“මණ්ඩල රැස්වීම අවසානයේ, අනුමැතිය ඉල්ලා ඖෂධ රැසක් සහිත ලේඛනයක් ඉදිරිපත් කළා. මෙය සාකච්ඡා නොකරන්නේ මන්දැයි විමසූ විට, එය සාකච්ඡා කළ නොහැකි බවත්, ඖෂධ ලැයිස්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් අපට දන්වා සිටියා. මෙම කාරණයත් සාකච්ඡා කර නැහැ” ඔහු සඳහන් කළේය.
2023 දී සෞඛ්‍ය සේවා ආයතනවල ඖෂධ සම්බන්ධ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් වන මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පැවසුවේ, ඖෂධ ඇගයීම් කමිටුවට අනුමැතිය සඳහා ඖෂධ 300 ක් අඩංගු ලැයිස්තුවක් යවා ඇති බවයි.
“ඖෂධ ඇගයීම් කමිටුව ලෙස, අපි ලැයිස්තුවට විරුද්ධ වූ අතර අනුමැතිය ලබාදීමට විරුද්ධ වුණා. නමුත්, එහි අත්‍යවශ්‍ය ඖෂධ අඩංගු බවත්, අනුමත නොකළහොත් ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවත් අපට දන්වා සිටියා” ඇය පැවසුවාය.
මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති හෙළිකළේ, කලින් අසාදු ලේඛනගත කර තිබූ සමාගම් විසින් සමහර ඖෂධ මිලදී ගැනීමට අනුමත කර ඇති බවයි.
ඒ වන විට මහාචාර්ය එස්. ඩී. ජයරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ලෙසත්, වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ බව කෝප් කමිටුවට දන්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart