December 30, 2024

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වි වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය දුන් දකුණු පළාත් සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යළි එක්විම සදහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට , සමගි ජන බලවේගයට සහ සර්වජන බලයට සහයෝගය දුන් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරු මෙම රැස්විම සඳහා සහභාගිවි ඇත.

මාතර ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම රැස්විම සදහා දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු විසිදෙනෙකු පමණ සහභාගිවි ඇත.

ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයේ දි සියලු වාදබේද අමතක කොට පුළුල් සන්ධානයක් ලෙස එක්ව තරගකළ යුතු ආකාරය පිළිබඳ මෙම රැස්විමේ දී සාකච්ඡාවී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය දකුණු පළාතේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු මෙම සන්ධානයට එක්කර ගැනීම සඳහා ඉදිරියේ දී ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව දකුණු පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සඳහන් කර ඇත.

මෙම රැස්විම සඳහා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොරල ඇතුළු පිරිසක් එක්ව ඇත.

42.31%
17.27%
32.76%