January 4, 2025

නව පාසල් වසර ආරම්භයත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් අවධානය යොමුකර ඇත.

ඒ අනුව විවිධ වෛරස් ආශ්‍රිත ශ්වසන රෝග පාසල් තුළ පැතිර යා හැකි බව අවධාරණය කරන සෞඛ්‍ය නිලධාරීහු, සිසුන්ගේ සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන ලෙස දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ශ්වසන රෝග ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු උපදෙස් දෙති.

42.31%
17.27%
32.76%