November 27, 2024

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරත වේ.

ඒ අනුව අද (2024 නොවැම්බර් 27) වන දින අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්‍රදේශය නිරීක්ෂණ කටයුතු සදහා පිටත් කර යවා ඇත.

මෙම මෙහෙයුම් අතරතුර එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ විපතට පත් සිවිල් වැසියෙකු ගුවනින් බේරා ගැනීමට සමත්ව තිබේ.

පසුව ඔහු ගුවන් මගින් මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන ගොස් ඇත.

42.31%
17.27%
32.76%