Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සඳහා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 20 දෙනෙකු බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, මියන්මාර රජයට සහ අසල්වැසි රටවලට නැවත නැවතත් කළ ඉල්ලීම්වලින් අනතුරුව, මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මුදාගෙන තායිලන්තයේ Mae Sot වෙත පසුගිය බදාදා දින ආරක්ෂිතව ළඟා වූ බවයි.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ Mae Sot වෙත පැමිණ බේරාගත් ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මෙම පිරිස ආරක්ෂිතව මුදා හැරීම සහ ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා යැන්ගොන් සහ බැංකොක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමීපව කටයුතු කරමින් සිටී.
බේරාගත් සියලුම ශ්‍රී ලාංකිකයන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර තායි බලධාරීන් ඔවුන් වෙනුවෙන් කොන්සියුලර් ආධාර සඳහා පහසුකම් සපයා තිබේ.
බේරාගත් ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායි බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටී.
මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ මේ වන විට අතරමංව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා බේරා ගැනීම සඳහා යැංගොන් සහ බැංකොක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරමින් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ රැකියා සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර සංචාරක වීසා භාවිත මත විදේශ රැකියා පතා මියන්මාරයට ගිය මෙම ශ්‍රී ලාංකිකයන් සයිබර් අපරාධ මෙහෙයුම්වලට පොළඹවා ගනිමින් මිනිස් ජාවාරමට ගොදුරු වී ඇත.
මිනිස් ජාවාරමට ගොදුරු නොවන පරිදි විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමේදී ප්‍රවේශම් වන ලෙසත් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart