August 22, 2024

දේශපාලන විවාදයක් අතරතුර පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පලනි දිගම්බරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙමළ භාෂාවෙන් විකාශය වන විද්‍යුත් මාධ්‍ය නාලිකාවක පැවැත්වූ දේශපාලන සංවාද වැඩසටහනක රූගත කිරීම් අතරතුර විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු දේශපාලන හේතු මත හටගත් මතභේද හේතුවෙන් ගැටුමක් ඇති කර ගෙන තිබිණි.

සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු නියෝජනය කරමින් එම වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී මෙම ගැටුම සිදුව තිබිණි.

දිගම්බරන් මෑතකදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කර ඇති අතර කුමාර් මෑතකදී ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කළේය.

දිගම්බරන් පළමු පහර එල්ල කරන අයුරු සහ අවට සිටි අයගේ මැදිහත්වීමෙන් දෙදෙනා වෙන් වූ පසු කුමාර් ඉවත්ව යන අයුරු වීඩියෝ දර්ශනවල සටහන් වී ඇත.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේ කුමාර්ට පහර දුන් දිගම්බරම්ට එරෙහිව ක්‍රියා කරන ලෙසය.

ප්‍රේමදාස තම පක්ෂයේ විනය විරෝධී පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙමින් සිටින බව සඳහන් කළ ඇමැති විජේසේකර, ඉදිරි ජනාධිපතිවරණයට පෙර පූර්වාදර්ශයක් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.

දිගම්බරන්ට එරෙහිව ගන්නා පියවර කුමක් දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේ සමගි ජන බලවේගය එහි ප්‍රකාශිත ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරමිනි.

මේ අතර, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක සහ සමගි ජන බලවේගයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියේ වගකීම දෙපාර්ශ්වයම දැරිය යුතු අතර ඕනෑම ආකාරයක දේශපාලන ප්‍රචණ්ඩත්වයක් තම පක්ෂය හෙළා දකින බවයි.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී ද මන්ත්‍රීවරුන් රණ්ඩු සරුවල් පවා ඇති කර ගත් බව පෙන්වා දෙමින් මන්ත්‍රීවරුන් දෙදෙනකු එකිනෙකා සමඟ රණ්ඩු වූ පළමු අවස්ථාව මෙය නොවන බව ඔහු ප්‍රකාශ කර ඇත.

මීට පෙර තම පක්‍ෂයේ සිටි ප්‍රශ්නගත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා දිගම්බරන්ට චිත්තවේගයන් මතු කරන ඇතැම් අදහස් ප්‍රකාශ කළ බවත්, එබැවින් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නොවන බවත් මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත.