January 22, 2025

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සඳහා වන ඒකාබද්ධ සංවිධානය වන ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) ඊයේ රජයෙන් ඉල්ලා සිටියේ, ඉදිරියේදී ඇති විය හැකි ද්විත්ව අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ගෙඩි මිලියන 200 ක් කඩිනමින් ආනයනය කිරීමේ යෝජනාව කඩිනම් කරන ලෙසයි.

පෙර නොවූ විරූ පොල් හිඟයක් හේතුවෙන් දේශීය පාරිභෝගිකයන්ට දිනෙන් දින අහස උසට ඉහළ යන මිල ගණන්වලට මුහුණදීමට සිදුව ඇති අතර, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රු. 250කට පමණ අලෙවි වේ.

ඊයේ කොළඹදී ජනමාධ්‍ය හමුවක් කැඳවමින් CCCI සභාපති ජයන්ත සමරකෝන් හෙළිකළේ, අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු සම්බන්ධ වන ආනයන අවසර ක්‍රියාවලිය තරමක් මන්දගාමී වේගයකින් ගමන් කරන බවත්, එය පොල් සැපයුම් දාමය ස්ථාවර කිරීමට බාධා එල්ලකරන බවත්ය.

මේ වන විට ඇතිවෙලා තියෙන පොල් හිඟය නිසා පාරිභෝගික ජනතාව වගේම අපනයනකරුවනුත් අර්බුදයකට මුහුණදීලා ඉන්නවා. මේ නිසා දේශීය ව්‍යාපාරිකයන් දහස් ගණනකගේ ව්‍යාපාරික කටයුතුවලටත් දැඩි බලපෑම් එල්ල වෙලා.” යැයි ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

42.31%
17.27%
32.76%